Wednesday, January 22, 2014

තබ්ලාව

තබිලාව

 
         තබ්ලාව අරාබි කරයෙන් භාරතයට සංක්‍රරයට සංක්‍රමණය වු සංගීත භාන්ඩයක් ලෙස හදුන්වා දිය හැකිවේ.මෙය ඩප් සහ තබ්ල් යන කොටස් දෙකකින් සමන්විත වන අතර ,තබ්ලාව භාරතයේ ප්‍රධානම අවනධය වාද්‍ය භාණ්ඩය ලෙස හදුන්වා දිය හැකිවේ.අලව්දීන් බිල්ජී අධීරාජයාගේ කාලයේ ජිවත්ව සිටි අමීර් කුෂ්රෑ විසින් මෙම සංගීත භාණ්ඩය නිෂ්පාදනය කර හදුන්වා දී ඇත.
         තබ්ලාව භාවීතය පෙර භාරතයේ භාවිත කරන ලද සංගීත භාණඩය වුයේ ධෘපද් ගායනය සදහා යොදාගනු ලබන මෘදංගයයි. එක් මතයක් වන්නේ මෙම මෘදංගය දෙකඩ කර අමීර් කෘෂ්රෑ විසින් තබ්ලාව නිෂ්පාදනය කළ බවයි.
  •       තබ්ලාවේ දකුණු කොටස දයාං ‍‍ලෙස හදුන්වන අතර තබ්ලාසව් මෙම කොටසික්    නා,තා,තිට,තං,තුන්,තිත්,ඩ යන අකෂර වාදනය කරනු ලබයි.
  •       තබ්ලාවේ වම් කොටස බායාං, ලෙසද හදුන්වනු ලබයි. ක,කී,කත්,ඝ,ග යන හඩ විහිදී යන කුල අකෂර උපදින්නේ මෙම කොටසින්ය.
 භාරතයේ තබලාවේ වාදන ගුරැකුල නැත්නම් ඝරාණා හතරක් ඇත. මෙම ඝරාණා හතරනම්
  1. දිල්ලි ඝරාණාව
  2. ලක්ණව් ඝරාණාව
  3. බෙනාරස් ඝරාණාව
  4. පන්ජාබ් ඝරාණාව
වශයෙන් මෙම හදුන්වනු ලබන මෙම ගුරැකුල ශෛලිය හදුන්වා දුන්නේ ඛල්ලු ඛාන් කම් වාදකයා විසින්ය.
ලොකයේ ප්‍රසිධ තබ්ලා වාදකයින් ලෙස උස්තාද් අල්ලා රක්ඛ, උස්තාද් අහමඩ් ජාන් තෙරිකුවර්, උස්තාද් අෆක්ඛාන් වැනි සංගීත ශිල්පීන් හදුන්වා දිය හැකිවේ.

4 comments: