Tuesday, January 28, 2014

බටනලාව

බටනලාව දීර්ඝ ඉතිහාසයක් ඇති සංගීත භාණ්ඩයක් ලෙසින් හදුන්වා දිය හැකිය. මෙය මුර්ලි, බන්සුර් යන නම් වලින්ද හදුන්වනු ලැබේ.
බටනලාව සුළං පිබිමෙන් හඩ උපදවා ගනු ලබන සංගීත භාණ්ඩයක් වේ.
බටනලාවෙන් අනෙකුත් සංගීත භාණ්ඩ වළ මෙමන්ම මීන්ඩ්, ගමක් , ඡලා වාදනය කල හැකිය.
බටනලාවේ සුළං පිබින සිදුරට දෙතොල ලංකර තියුනු ලෙස සුළං පිබිමෙන් වාදනය කරනු ලබන අතර බට නලාවේ මුදුනේ සිට කුමයෙන් වම් අතේ දබරගිල්ල,මැදගිල්ල, සහ වෙදගිල්ල මත තබමින් සිදුරැ වසාගෙන එන විට එයින් උපදින්නේ ගාන්ධාරය,රිෂභය,සහා ෂඩ්ඡය යන මධ්‍යම සප්තකයේ ස්වර උපදවා ගනු ලැබේ. දකුණ‍ෙත දබරගිල්ල, මැදගිල්ල,වෙදගිල්ල කුමයෙන් සිදුරැමත තබමින්වසාගෙන යාමේදී එයින් මන්ද්‍ර සප්තකයේ නිෂාදය,ධෛවතය පන්චමය උපදවා ගනු ලබයි.

Friday, January 24, 2014

එස්රාඡ

 
සිතාරයත්, සාරාංගීයත් යන සංගීත භිණ්ඩ දෙක සංකලනය විමෙන් එස්රාඡය නිර්මානය කර ඇත. මෙම සංගීත භාණඩය බෙංගල ප්‍රදේශයේ බෙහෙවින් භාවිත වේ.
මෙහි ප්‍රධාන තත් හතරක් තිබේ.
පළමු තත මධ්‍යම (ම), දෙවනි තත මධ්‍යම සඩ්ජයට,තුන්වෙනි තත මන්ද්‍ර ෂඩජය‍ටද සැසේදන පරිදි සකස් කරනු ලැබේ.  එසේම සතර වෙනි තත මන්ද්‍ර පංචමයට ද සුසර කරනු ලබයි.
මෙය වාදනය කරනු ලබන ක්‍රම දෙකක් ත්බෙන අතර, මෙය වාදනය පුහුණු වනු ලබන්නේ සිතාරයේ වාදනයට නියමිත ස්වර අභියාස ක්‍රමයන්ටය. මෙය වාසනය කරනු ලබනනේ බෝ එකකින්ය.

Thursday, January 23, 2014

තාම්පුරාව


මෙය බෙහෙවින්ම භාරතයේ ගානය කරන විට ශුතිය තබා ගැනීම සදහා යොදාගනු ලබන සංගීත භාන්ඩයක් වේ. තාම්පුරාවට, තාම්බුරාව යන නමද භාවිත කරනු ලබයි. ගායනය සදහා සුදුසු වාතාවර්නයක් මෙම තාම්පුරාව මහින් සලසා දෙන අතර නිවරදි ලෙස ස්වර ස්ථාන පිහිටා ගැනීමට තාම්පුරාවන් නැගෙන ශුති සම් මිශනය ‍බෙහෙවින්  උපකාරි වේ.
මෙය තත් හතරකින් යුක්තව් සංගීත භාන්ඩයක් වන අතර  එහි පළමු තත වානේ වලින් ද හතර වෙනි තත පිත්තල වලින්ද සකස් කරනු ලැබේ.
ප්‍රතම තත මන්ද්‍ර පන්චමයද මැද තත් දෙක මධ්‍යම සප්තකයේ ෂඩ්ජයටද සැසදෙන පරිදි සම කරනු ලැබේ. එම තත  දෙක ජෝරි  යන නමාන් හදුන්වනු ලැබේ. සතර වෙනි තත කරජ තත මනද්‍ර සප්තකයේ පංචමය සමග සැසේදෙන ආකාරය‍ට සුසර කරනු ලැබේ.
තාම්පුරාව වාදනය කරනු ලබන්නේ එහි තත් සියුම් ලෙස ඇගිලි වලින් ස්පර්ෂ කරමින්ය. භාරතයේ පිළිගැනීමට අනුව තාම්පුරාවේන තොරව කෙරෙන ගායනයක් කර්ණ රසායන නොවේ.